හපුතලේ ගුවන් අනතුරු පිළිබඳව මහේස්ත්‍රාත් නියෝග 06ක් (වීඩියෝ)

ජන 04, 2020
  • ඊයේ (03) හපුතලේ ගුවන් අනතුර සිදුවූ ස්ථානය අද දහවල් ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් සුමංගල ඩයස් මහතා පැමිණ පරික්ෂා කර බැලීය.

    කටුනායක සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරුවල නිලධාරීන්ගෙන් යුත් විශේෂඥ කණ්ඩායම් දෙකක් පැමිණ එම ගුවන් යානයේ කොටස් පරීක්ෂා කරමින් සිටින බව අප වාර්තාකරු පවසයි. අනතුරින් විනාශයට පත් වු යානයේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතුවල අද ආරම්භ කර ඇත.

    බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා විසින් මෙම සිද්ධිය පිළිබඳ හපුතලේ පොලීසියට අධිකරණ නියෝග 6 ක් නිකුත් කළේය.

    01 රජයේ රස පරීක්ෂක පරීක්ෂකවරයා
    02 ගුවන් හමුදා අණදෙන නිළධලධාරීතුමා - තාක්ෂණය වාර්තාවක් ද ඉදිරිපත් කිරීම සඳහා
    03 කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව - එදින කාලගුණය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම සඳහාත්
    04 මිනින්දෝරු දෙපාර්තමේන්තුව - මෙම ස්ථානයට පිළිබඳ නිවැරදි භාවය දැන ගැනීම සඳහා
    05 මත්තල ගුවන්තොටුපළේ ස්ථානභාර නිලධාරි - සඳහා අවසාන වශයෙන් ඔවුන් හා සම්බන්ධව හඬ පට ලබා ගැනීම සඳහා
    06 බදුල්ල අධිකරණ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතාට මෘතශරීර සහ මරණ වාර්තා ලබාගැනීම සඳහා

     

     

     

     

     

     

     

     

     

     

    Last modified on සෙනසුරාදා, 04 ජනවාරි 2020 20:12

    Latest News