ටැන්සානියාවේදී ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

චීනයේ ගුවන්ෂි කඳුවැටියට කඩා වැ‌ටුණු මගී ගුවන් යානයේ සියලු දෙනා මිය ගොස් ඇති බවට චීන බලධාරීන් සදහන් කරයි. යානය අනතුරට පත්වන විට ඒහි මගීන් 132 සිටි බව සදහන් වේ. කෙසේ නමුත් මුදවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

චීනයේ සිදුවූ ගුවන් අනතුරින් විපතට පත්වූවන් ගලවා ගැනීමේ කටයුතු තවමත් සිදු කෙරෙමින් පවතියි.

නෝර්වේ රාජ්‍යයේදී අමෙරිකානු ගුවන් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

"සකුරායි" ගුවන් සේවයේ සියලු ගුවන් මෙහෙයුම්, වහාම ක්‍රියාත්මක වන පරිදි, නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවීමට, සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ, එම සමාගමට අයත් ගුවන් යානා 02 ක් ආසන්න අවස්ථා දෙකකදී කාර්මික දෝෂයන්ට ලක්වීම නිසා, හදිසියේ අතරමග ගොඩබැස්සවීමට සිදුවීම හේතුවෙන්.

පුද්ගලයන් 83 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඝස්නි ප්‍රාන්තයේ දී හදිසියේ කඩා වැටී තිබේ.

යුක්‍රේන මගී ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට එරෙහිව ඉරාන බලධාරීන්ට විරෝධය පළකරමින් ඉරාන වැසියන් විරෝධතා ආරාම්භ කර ඇත. ටෙහෙරාන් අගනුවරට පැමිණි ජනතාව, මිලේච්ජ ප්‍රහාරය සම්බන්ධයෙන් කෝපය ප්‍රකාශ කරමින් සිටි.

යුක්‍රේන ගුවන් යානය අනතුරට ලක්වීමෙන් දින තුනකට පසු එහි වගකීම ඉරානය විසින් බාර ගනු ලැබිණ. මිසයිල ප්‍රහාරයෙන් ගුවන් යානයේ ගමන් කළ 176 දෙනෙකු මිය ගියහ. මිය ගිය පුද්ගලයන් අතර ඉරාන, කැනේඩියානු, යුක්‍රේන, බ්‍රිතාන්‍ය, ඇෆ්ගනිස්ථාන් හා ජර්මානු ජාතිකයින් සිටිති.

iranprotest2 900 px 20 01 1

විශ්ව විද්‍යාල සිසුන්ගේ වැඩි සහභාගීත්වයක් මෙම විරෝධතාවලට ලැබී ඇති අතර විශ්ව විද්‍යාල දෙකක් ඉදිරිපිට පැවැති විරෝධතා වලට කඳුළු ගෑස් ප්‍රාහැර එල්ල කළ බව විදෙස් වාර්තා කරයි. ඉරානය තුළින්ම ඊට ගුවන් යානා ප්‍රහාරයට එරෙහි විරෝධය මතුව තිබෙන අතර ප්‍රහාරය සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් විරෝධතාකරුවන් කියා සිටිති. සේනාධිනායක සහ ඉරාන ආධ්‍යාත්මික නායකයා අයතුල්ලා කොමේනි එම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් විරෝධතාකරුවන් අවධානරය සිටි.

iranprotest1 900 px 20 01 1

ඉරාන විරෝධතාකරුවන්ට සහය පළකරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත. ඉරාන වැසියන්ගේ විරෝධය ඔවුන් ප්‍රබෝධමත් කර ඇති බව එහි සඳහන් වේ.

ඇමරිකානු හමුදා ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනරාල් ක්වාසම් සොලෙයිමනී ඉරාකයේ බෑග්ඩෑඩයේදී මිය යාමත් සමඟ ඉරාන හා ඇමරිකා ගැටුම කරලියට පැමිණියේය. එහි ප්‍රථිපලයක් ලෙස ඉරානයේ සිට ගුවන් ගත කළ යුක්‍රේන ගුවන් යානයකට ප්‍රහාරයක් ඉල්ල කෙරුණ අතර එයින් 176ක් ජිවිතක්ෂයට පත් වුහ.

යුක්‍රේන මගී ගුවන්යානය විනාශ වූයේ තම හමුදා සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බව ඉරානය අද පිළිගෙන තිබේ. අත්වැරැද්දකින් යානයට මිසයිල එල්ල කෙරුණු බවයි ඉරාන හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

හපුතලේ සිදුවූ ගුවන් යානා අනතුරින් මියගිය ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරිණ.

පසුගිය තුන්වන (03) වන දින හපුතලේ සිදුවු ගුවන් යානා අනතුරින් මිය ගිය නායක ගුවන් බට නුවන් ලහිරු දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ දේහය ඊයේ (04) රාත්‍රී 12.30 ට පමණ මාතර තෙලිජ්ජවිල පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ඒම සිදු විය.

Latest News