නිකවැරටියේ දැරියට අමානුෂික පහරදීමට නිතිය දැඩිවේ - විජිති බේරුගෝඩ

ජන 04, 2020

    නිකවැරටිය ගනේගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු දහතුනක දැරියකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට සියලුම දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පවසයි.

    මෙම දැරියට පහරදීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    අද (4) පස්වරුවේ මොනරාගල ප්‍රදේශයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    මේ සම්බන්ධයෙන් අදහස් පල කළ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා.....

    “සිස්ට සම්පන්න සමාජයක් වෙනුවෙන් රට පියවරක් තබලා තියන වෙලාවක මේවගේ සිදුවීමක් සිදුවීම පිළිබඳව කණගාටුවට පත්වෙනවා. ඒ සිදුවීම දැක්කම මුලු රටමකම්පා උනා. මේක ගෝත්‍රික සමාජයක වෙන දෙයක් වගේ. මේක බරපතළ කාරනයක්. මේ වෙන කොට පොලිසිය අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. දරුවගෙ සුලු මව ඇගේ සහෝදරිය සහ තවත් පුද්ගලයකු මේ වෙන කොට අත්අඩංගුවට අරං ඉවරයි.

    මේ සිදුවීමට සම්බන්ධ ග්‍රාම සේවක නිලධාරීනියක් ද සිටින අතර ඇයගේ සේවය අත්හිටුවා ඇයට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස මම දිසාපතිට උපදෙස් ලබා දුන්නා. අනිවාර්යයෙන් මෙම සිද්ධියට දැඩි ලෙස අපි නීතිය ක්‍රියාත්මක කරනවා“ යනුවෙන් විජිත බේරුගොඩ මහතා පැවසීය.

    Latest News