සජිත් විපක්ෂ නායක ධුරයට

ජන 03, 2020

    එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (03) දැනුම් දුන්නේය.

    දහවල් 1 ට රැස්වූ පාර්ලිමේන්තු සැසියේදී කතානායකවරයා මෙම නිවේදනය සිදු කළේය.

    ‍එමෙන්ම පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත පත් කර තිබේ.  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා පත් කර ඇත. එසේම විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අලුවිහාරේ මහතා පත් කර තිබේ.

    Last modified on සිකුරාදා, 03 ජනවාරි 2020 16:11

    Latest News