දක්ෂිණ අධිවේගයේ මාතර - හම්බන්තොට අදියර පළමු කාර්තුවේ ජනතා අයිතියට - ඇමති ජොන්ස්ටන්

ජන 03, 2020

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටසෙහි වැඩ ඉතා ඉක්මනින් අවසන් කොට මේ වසරේ පළමු කාර්තුවේ දී විවෘත කිරීමට අපේක්ෂා කරන බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ (01)දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ චෛත්‍ය පරිශ්‍රයෙහි පැවැති නව වසර සඳහා වැඩ ඇරඹීමේ උත්සවයට සහභාගී වෙමිනි.

    එහිදී අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ, වසර 05 ක් ආපස්සට ඇද දැමූ රටේ ආර්ථිකය නැවත ගොඩනැගීම නව වසරේ අපේක්ෂාව වන බවත් රටේ හදවත බඳු වරායට අත්‍යවශ්‍ය නැගෙනහිර පර්යන්තයේ වැඩ කටයුතු ආරම්භ කරමින් වරාය සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත්ය.

    “දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරපු කෑල්ල වැඩ අවසන් වෙන්න ඉස්සෙල්ලා තමයි ඔවුන් විවෘත කෙරුවේ.

    ඒකෙ ලොකු ප්‍ර‍ශ්න ගණනාවක් තියෙනවා. හැබැයි අපි මුළු දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා පළවෙනි කාර්තුවේ දී වැඩ නිම කරලා විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.

    ඒක අවශ්‍ය කරන දෙයක්.

    අපි බලාපොරොත්තු වෙන්නේ සිංහල අලුත් අවුරුද්දට ඉස්සල්ලා මෙය විවෘත කරන්න.

    Last modified on සිකුරාදා, 03 ජනවාරි 2020 13:13

    Latest News