පැල දස ලක්ෂයක්..ජාතික වැඩසටහනක් අද

ජන 01, 2020

    පැල දස ලක්ෂයක් සිටුවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහන අද(01) අනුරාධපුර,මහමෙවුනා උයන් පරිශ්‍රයේ දී ආරම්භ කෙරේ.

    වැඩසටහන නම්කර ඇත්තේ, හැදෙන රටට - වැඩෙන ගසක් ලෙසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශයකට සමගාමීවයි වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. ඒ ශ්‍රී ලංකාව සතු 29%ක වන ගහණය ඉදිරි පස් වසර තුළ 31%ක් දක්වා ඉහළ දැමීමේ අරමුණෙන්. මීට සමගාමීව, එදින දිවයිනපුරා පැල සිටුවීමේ වැඩසටහන දියත් කෙරෙනු ඇති.

    රුක් රෝපණය සඳහා අවශ්‍ය පැය වර්ග ලබාදීම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී ආරක්ෂණ දෙපාර්තමේන්තුව මධ්‍යම පරිසර අධිකාරිය හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන මගින් ලබාදෙනු ඇති.

    Last modified on බදාදා, 01 ජනවාරි 2020 08:56

    Latest News