එජාපය ප්‍රතිසංවිධානයට මහලේකම් සැරසෙයි

දෙසැ 06, 2018

    එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ආයතතන ශක්තිමත් කොට නැවත ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් විශේෂ රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ මූලස්ථානයේ දී පැවැත්විණ.

    ඒ පක්ෂ මහලේකම් නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් මහා සංඝරත්නය ප්‍රමුඛ පූජ්‍ය පක්ෂය, රණවිරුවන්,සිවිල් සංවිධාන,වෘත්තිකයින්, කලාකරුවන්,විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්,ගොවීන්,විදෙස් ශ්‍රමිකයන් ඇතුළු සමාජය නියෝජනය කරන සියලු ක්ෂේත්‍රයන්ට අයත් ජනතාව මෙම අනුබද්ධ සංවිධාන නියෝජනය කරයි.

    විවිධ කණ්ඩායම් විසින් එක්සත් ජාතික පක්ෂය පිළිබඳ ගෙන යන දුර්මත පරාජය කර යථාර්ථය සමාජගත කිරීමත්, නීතිය ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය සමාජය තුල ස්ථාපිත කිරීම අරමුණින් අනුබද්ධ සංවිධාන සියල්ල පුළුල් කරමින් ප්‍රතිසංවිධානය කිරීමට නියමිතයි.

    වර්තමානයේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී පක්ෂයත්, ප්‍රජාතන්ත්‍රවාදයත්, රටත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සහ කැප කිරීම් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ලෙස කෘතවේදීව සිහිපත් කරන බව ඔහු කියා සිටියේය.

    තමා වෙනුවෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොවන පුද්ගලයින් පක්ෂය වටා එක් වෙමින් විශාල කැප කිරීමක් සිදු කරන බව ද මහ ලේකම්වරයා එහිදී පෙන්වා දුන්නේය.

    පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය විසින් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් බොහොමයකට විවිධ පාර්ශවයන් අකුල් හෙලමින් කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වයක් වූ බවත්,බොහෝ අවස්ථා වලදී ජනතා ප්‍රසාදය එක්සත් ජාතික පක්ෂයට ලැබේය යන බිය හේතුවෙන් මෙ⁣ම බාධා කිරීම සිදුකළ බව පැහැදිලි වන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

    මෙම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, විධායකය නිලධාරී ශමල් සෙනරත් මහතා සහ අනුබද්ධ සංවිධාන නියෝජනය කරන සාමාජික සාමාජිකාවන් රැසක් එක්ව වුහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 දෙසැම්බර් 2018 12:55

    Latest News