උත්සව සමයට ලංගම විශේෂ සේවාවක්

දෙසැ 06, 2018

    එළඹෙන උත්සව සමය ඉලක්ක කර ලබන 20 වැනිදා සිට විශේෂ බස්රථ සේවා ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

    එම බස් සේවය ජනවාරි 02 වැනි දා දක්වා ක්‍රියාත්මකයි.

    ඊට අමතරව උත්සව සමය වෙනුවෙන් ලබන 15 වන දා සිට කෙටි ගමන් සේවා බස් ද ක්‍රියාත්මක කෙරෙන බවත් එම බස් රථ මීගමුව, ජා-ඇල වෙන්නප්පුව ආදී ප්‍රදේශ ඉලක්ක කර ධාවනය කෙරෙන බව ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    Latest News