දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි තුනක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත් තිබෙනවා.
මූල්ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අධිකරණය මීට සුළු වේලාවකට පෙර නියෝග කළා.
යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ අද (29) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 836 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වැඩබලන පොලිස්පති සීි. ඩී. වික්‍රමරත්න විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත.

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන පෙඩ්‍රෝ පබ්ලෝට එරට අධිකරණයෙන් වසර 3ක සිර දඩුවම් නියම කර තිබේ.

Latest News