මිදිගම රුවන් ලංකාවට රැගෙන එයි

මැයි 31, 2024
    පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත් තිබෙනවා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවා රැගෙනවිත් ඇත.

    පසුගියදා හරක් කටා හෙවත් නදුන් චින්තක ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදාගැනීමට සැලසුම් කළ පුද්ගලයා ලෙසටද මිදිගම රුවන්ව සැක කළා.
    ඩුබායි හී පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය විසින් මීට මාස දෙකකට පමණ පෙර මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.

    Latest News