පහල වායුගෝලය කැළඹිලි ස්භාවයක්

මැයි 26, 2020

    ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (26) සිට ඉදිරි දින කීපයේ දී බලාපොරොත්තු විය හැකියි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ , දකුණු සහ ඌව පළාත්වල ද අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

    කෑගල්ල , රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මිලි මීටර 100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකියි.

    දිවයින හරහා තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

    ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං පැයට කිලෝමීටර 70-80 දක්වා ඇති විය හැකියි.

    Latest News