අදත් පළාත් 5කට වැසි

ජූනි 01, 2020

    නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති වෙයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රිකකයේත් සවස 2 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැක.

    මන්නාරම දිස්ත්‍රික්කයේ උදය කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකියි. දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 දක්වා වැඩි විය හැකියි.

    ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං ඇති විය හැකියි.

    Last modified on සදුදා, 01 ජූනි 2020 08:59

    Latest News