ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි

මැයි 28, 2020

    නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සමහර ස්ථානවල මි.මී.150ට වැඩි වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

    නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

    දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    Latest News