ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

මැයි 23, 2020

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන මෙලෙස වැසි ඇති විය හැකි බවයි. තවද ඌව පළාතේ ස්ථාන කිහිපයක සවස 2න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් වේ.

    එමෙන්ම, දිවයින හරහා සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 40 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    Latest News