මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද උදේ වන විට තවදුරටත් පහත බැස තිබේ. එය රටේ ජාතික විදුලිබල පද්ධතියට විදුලිය උත්පාදනය සදහා දායක වන ප්‍රධාන ව්‍යාපෘතියක්.

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 66 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

වර්ෂාවත් සමග කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ සහ නිල්වලා ගඟේ ජලමට්ටම ඉහළ ගොස් ඇත. ප්‍රදේශ කිහිපයකින් එම ගංඟාවල පිටාර මට්ටමක් වාර්තා වන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පෝෂක ප්‍රදේශවලට මාසයකට ආසන්න කාලයක සිට පවතින වියළි කාළගුණය හේතුවෙන් මාවුස්සා කැලේ සහ කාසල්රී යන ජලාශවල ජල මට්ටම පහත බසිමින් පවතියි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජලාශ 75ක ජල මට්ටම 87% දක්වා ඉහළ ගොස් තිබේ.

මොරගහකන්ද ජලාශයේ උපරිම ජල ධාරිතාවයෙන් සියයට 97.6 ක ජල ධාරිතාවක් මේ වනවිට පවතින බව ජලාශ භාර ඉංජිනේරු පී .එස් .බණ්ඩාර මහතා පවසයි.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 30% දක්වා පහත බැස තිබේ.

මධ්‍යම කඳුකරයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ශිඝ්‍රයෙන් පහත බසිමින් පවතින බව වාර්තා වෙයි.

Latest News