අද (12) සිට ත⁣ලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීම සඳහා කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබෙනවා.
හබරාදූව පොලිස් වසමේ මිහිරිපැන්න දුම්රිය හරස් මාර්ගය අසලදී යතුරුපැදියක් මාතර සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියේ පිටුපස කොටසේ ගැටී ඊයේ (24) උදෑසන සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පසුපැදිකරු එම ස්ථානයේම මියගොස් තිබෙනවා.

ඉන්දු -  ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද (09) සිට (15) වැනි දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මැතිවරණය පැවැත්වෙන 21 වැනිදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා පවසනවා. 

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන්කර තිබෙනවා.

අද දින උදෑසන මුහුදුබඩ මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානයේ දුම්රියක් පිලී පැනිම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය මොරටුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කෙරුණා.

දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තුන්වන දිනටත් අද (10) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
පොතුහැර සහ තලවත්තේගෙදර දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

Latest News