යුද්ධයෙන් පසුව නොපැවැත්වූ ජාත්‍යන්තර ආධාරක සමුළු උතුරු නැගෙනහිරට ගෙන ඒමට කටයුතු කරනවා....සජිත්

නොවැ 09, 2019

    මෙරට සෑම පුරවැසියෙකුට එක නීතියක් යටතේ එක හා සමානව සළකන ඒකීය ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීමට තමන් ඇප කැපවන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ යාපනය නගරයේ පැවති ජන රැළියට ඊයේ (08) රාත්‍රී එක්වෙමින්.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා....

    යුද්ධයෙන් පසුව පැවැත්වීමට නොහැකි වූ ජාත්‍යන්තර ආධාරක සමුළු උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට ගෙන ඒමට මා කටයුතු කරනවා. යාපනයේ සෑම ගම්මානයක්ම සංවර්ධන කර ජන ජීවිතය නගා සිටුවීමට පියවර ගන්නවා. ජන සමාජයෙන් ජාතිවාදය, ආගම්වාදය අතු ගා දමා සැමට සමානව සළකන රටක් අප නිර්මාණය කරනවා.

    යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක් තිබෙනවා. එම ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාශ 15 තුළ නව තාක්ෂණ විද්‍යාල 15ක් අප ආරම්භ කරනවා. ඒ තුළින් තරුණ පරපුරට ඩිජිටල් තාක්ෂණ විප්ලවයේ ප්‍රතිලාභ උදාකර දෙනවා. මෙම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 තුළ නව කර්මාන්තපුර 15ක් ඉදිකර යොවුන් පරපුරේ රැකියා ප්‍රශ්නයට විසඳුම් අප ලබා දෙනවා.. යනුවෙන් ද පැවසීය.

     

    Last modified on සෙනසුරාදා, 09 නොවැම්බර් 2019 11:13

    Latest News