ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්රීඩා අමාත්යවරයා ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සමේ වැඩිදුර කරුණු සළකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබුණා.

අභියාචනාධිකරණය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ නීතිපතිවරයාට දැනුම් දීමකින් තොරව නදුන් චින්තක වික්‍රමරත්න හෙවත්, හරක්කටා නමැති සැකකරු දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ඉවත් නොකරන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටිනවා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබූ සිතාසිය බලරහිත කරමින්, අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

පසුගිය වසරේ මැයි 9 වැනිදා දිවයිනපුරා මැති ඇමතිවරු ඇතුළු දේශපාලනඥයින්ගේ නිවාස දේපළ ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත් වන ලෙස ඉල්ලා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් ගොනු කර තිබූ පෙත්සමක් අද ඉල්ලා අස් කර ගත්තා.

වතමන් ආර්ථික අර්බුදය‍ට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව, විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා, ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 5 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

පොලිසිය විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට අදාළව තමන් වෙත නිකුත් කර ඇති කැඳවීම සම්බන්ධයෙන්  හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොණුකර තිබෙනවා.

පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් අද අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටිමින් කොන්දේසි විරහිතව කණගාටුව පළ කර තිබෙනවා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම් 2ක් ගොනු කර තිබේ.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්තවාදි ප්‍රහාරය නොසැලකිලිමත් ලෙස වලක්වාගැනීමට ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලක සැකකරු වශයෙන් නම් කෙරුණු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඔක්තෝම්බර් මස 14 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

Latest News