හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ගේ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
අරගලය පැවති සමයේ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල පැවති විරෝධතාවලදී තමන්ව පොලිසිය විසින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ඔක්තෝබර් මස 4 වනදා දක්වා දීර්ඝ කොළඹ දිසා අධිකරණය අද නියම කළා.
ආගමන හා විගමන පනත යටතේ වූ වැරදි  සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර සිටින විත්තිකරුවන් හය දෙනා එම දඩුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාගය ජනවාරි මස 20 වනදා පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා ලේකම්වරයා ලෙස සාරථි දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය සැප්තැම්බර් මස 24 වන දා දක්වා දීර්ඝ කරණ ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.
රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණය වලදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (24) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (24) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්රකාශයක් සිදු කළේ යැයි, වසර හතරක සිර දඬුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

Latest News