අද (06) සිට ලබන 14 වැනිදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ නඩු විභාග නොපැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංහිඳියාවට හානි වන ප්‍රකාශ සිදු කළ පුද්ගලයෙකු ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

විශ්වවිද්‍යා‍ෙවලට සිසුන් ඇතුලත් කරගැනීම අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට එම කාර්යාංශයේ නිලධාරින් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ 14 වන සැකකරු වශයෙන් නම් කර දැනට විදේශගතව සිටින උදාර සම්පත් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ජාත්‍යන්තර පොලිසිය මාර්ගයෙන් අත්අඩංගුට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කළේය.

කොවිඩ් වෛරසය හමුවේ වුවද රට තුළ අධිකරණ කටයුතු විධිමත්ව පවත්වා ගැනීමේ අරමුණ හා ඩිජිටල් තාක්ෂණය ඒ සඳහා යොදා ගැනීමේ ආරම්භයක් වශයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ඊයේ සිට සිදු විය.

මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තුන්දෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර බාරදුන්නේය.

රුපියල් 30,000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු නොච්චියාගම, රණෝරාව ගොවිජන සේවා සංවර්ධන මධ්‍යස්ථානයේ හිටපු ගොවිජන සේවා සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීවරයෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිතව වසර 10ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළේය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන්,පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් පස් දෙනා අද නිදොස් කොට නිදහස් කෙරිණ.

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෑතකදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්ව විද්‍යාල කඩඉම් (ඉසෙඩ් ස්කෝර් ) ලකුණු අනූව විශ්ව විද්‍යාල ඉන්ජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සදහා සිසුන් ඇතුලත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළේය.

Latest News