විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ජූලි 29, 2024
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා ලේකම්වරයා ලෙස සාරථි දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය සැප්තැම්බර් මස 24 වන දා දක්වා දීර්ඝ කරණ ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කෙරුණා.

    නඩුවට අදාල විරෝධතා සැප්තැම්බර් මස 24 වනදාට පෙර ගොනු කරන ලෙසත් වග උත්තරකරුවන්ට නියෝග කෙරුණා.
    මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

    Latest News