බොහෝ ඇස නොගැටුනු හාලිඇල, මොරතොට ඇල්ල (වීඩියෝ)

දෙසැ 13, 2019
  • හාලිඇල-නුවරඑළිය මාර්ගයේ අපූරු දිය ඇල්ලක් දැක ගැනීමට හැකියාව ලැබේ.

    හාලිඇල නුවරඑළිය මාර්ගයේ හාලිඇල සිට කිලෝමීටර් හතරක් පමණ ගමන් කළ පසු මොරේතොට විහාරස්ථානයට හමු වේ. විහාරස්ථානයට පහලින් මෙම අපූරු දිය ඇල්ල පිහිටා ඇත.

    මෙම දිය ඇල්ල මාර්ගය ආසන්නයේ පිහිටියත් මෙම ස්ථානයට ගමන් කිරීමට ඇති දුෂ්කරතාව නිසා මෙහි චමත්කාරය දැකීමට ප්‍රදේශවාසීන්ට මෙන්ම සංචාරකයින්ටද හැකියාවක් නොමැති බවයි ගම්වාසීන් පවසන්නේ. ඒ අතර මෙම ඇල්ල ඇති අවට කුඩා ගල් ගුහා ද පිහිටා තිබෙන අතර මේ හරහා ගමන් කළ හැකි උමං මාර්ගයක් ද තිබූ බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. එමෙන්ම මෙම ඇල්ල සහ වළගම්බා රජ සමය සමඟ යම්කිසි සබදතාවක් ද ඇති බව ඔවුහු ප්‍රකාශ කරති.

    ඒ අතර මෙම ස්ථානයට ගිය කීපදෙනෙකුම බියවූ බවක්ද වාර්තාවේ. මේ කරුණු අනුව ඉතා සිත්ගන්නා සුළු ත්‍රාසජනක අත්දැකීමක් ලැබීමට මෙය කදිම සංචාරක ස්ථානයක් බව කිව හැකිය. නමුත් වැඩිදෙනෙකුගේ ඇස නොගැටුනු මෙම රමනීය ස්ථානයේ යම් අකටයුතුකම් ද සිදුවන බව වාර්තාවේ. එනම් විටින් විට මෙම ස්ථානයේ නිදන්වස්තු ගැනීම සඳහා කරන ලද පූජාවක් ද දක්නට ලැබෙන බව ගම්වාසීහු අප සමග පැවසූහ. ඒ අනුව ගම්වාසීන් පවසන ආකාරයට කිහිප දෙනෙකු බිය වූ බව හා නිදන් හෑරීම අතර යම් සබඳතාවයක්ද තිබිය හැකි බව අපට පෙනී යයි. 

    ගම්වාසීන් ඉල්ලා සිටින්නේ හාලිඇල ප්‍රාදේශීය සභාව සහ සංචාරක අමාත්‍යාංශය සම්බන්ධ වී මෙම ස්ථානය සංචාරකයින්ට දැක ගැනීමට ඉඩපහසුකම් සලස්වන ලෙසයි.

    Last modified on සිකුරාදා, 13 දෙසැම්බර් 2019 17:10

    Latest News