වෑවල ඇල්ල සොයා ගිය අපූරු ගමන

පෙබ 13, 2021

    දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෑවල වැව ප්‍රදේශයේ වන ලැහැබක ඉතා අලංකාර දිය ඇල්ලක් පවතින බවත් එම දියඇල්ල "වෑවල ඇල්ල " නමින් එම ප්‍රදේශයේ ජනතාව හඳුන්වා ගෙන ඇති බවට තොරතුරක් වාර්තා විය.

    ඒ අනුව ප්‍රදේශයේ කුඩා දරුවන් තිදෙනෙකු මෙම සුන්දර වෑවල ඇල්ල පෙන්වීම සදහා ඉදිරිපත් වූ බව අප වාර්තාකරු සඳහන් කරයි.

    දඹුල්ල නගරයේ සිට කිලෝ මීටර් තිහක් පමණ ගිය පසු වෑවල වැව ප්‍රදේශය හමුවේ. එම ප්‍රදේශයේ සිට කිලෝමීටර් හතරක පමණ දුරක් අති දුෂ්කර මාර්ගයක ගොස් තවත් කිලෝමීටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් පා ගමනින් නුවරගල කන්ද දෙසට අති දුෂ්කර වනාන්තරය මැදින් වැටි ඇති අඩි මාර්ගයක ගමන් කරද්දී මෙම මනරම් දියඇල්ල හමුවේ.

    wewala-ella-01.jpg

    මෙම දුෂ්කර ඔස්සේ යන අතරතුර ගම්මුන් කොළ අත්තක් කඩා එල්ලීම කරන අයුරු දැක ගැනීමට හැකිවිය. එමෙන්ම එම දුෂ්කර ගමන් මාර්ගයේ වන ලැහැබ මැද මීට පෙර විදේශීය භික්ෂූන් වහන්සේ නමක් භාවනායෝගීව සිටි ස්ථානය අද අපට මෙම තරුණයෝ පෙන්වා දුන්නාහ.

    මේ වන විට එම සුදු ජාතික භික්ෂූන් වහන්සේ වෙනත් ප්‍රදේශයකට වැඩම කොට ඇති බව ඔවුහු අප සමග පැවසූහ. එමෙන්ම මෙම ගමන යන තරතුර දැව ජාවාරම් කරුවන්ගේ ග්‍රහනයට නතුවී මහා රූස්ස ගස් දැව බවට පත්ව ඇති අයුරු ද අපට දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

    දැඩි අපහසු මාර්ග පසු කරමින් ගමන් කළ පසු ඉතාමත් අලංකාර වූ මෙම දිය ඇල්ල දැක ගතහැකි විය.

    wewala-ella-05.jpg

    අඩි විසිපහක තිහක පමණ උසක සිට මෙම දිය ඇල්ල පහළට කඩා හැලෙන්නේ ඉතාමත් මනරම් ආකාරයටය. ගමේ තරුණයන් පමණක් මෙම සුන්දරත්වය විඳින බවත් අපට දැනගැනීමට හැකිවිය. කෙසේ වෙතත් අප සමඟ මග පෙන්වන්නට ගිය දරුවන් එහි සුන්දරත්වය අපට පෙන්වන්නට දැඩි උත්සාහයක නිරත විය.

    wewala-ella-12PG.jpg

    ඉතා අලංකාර වූ වන ලැහැබක ඇති මෙම දීය ඇල්ල අති වතුර දැඩි සීතලක් පවතින අතර මෙම දුවා දරුවන් එහි දිය නෑමට දැඩි රුචිකත්වයක් දක්වනු ලබන දක්වන ආකාරය ද අපට දැක ගැනීමට හැකි විය. මෙම දරුවන් මෙන්ම ප්‍රදේශවාසීන්ද ඉල්ලා සිටින්නේ මෙම අලංකාර වූ මනස්කාන්ත දිය ඇල්ල නැරඹීමට ඕනෑම කෙනෙකුට පැමිණිය හැකි බවත් එහෙත් පරිසරයට කිසිදු හානියක් නොකර මෙම ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා පැමිණෙන අය වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බව ඔවුහු පෙන්වා දුන්හ.

    wewala-ella-08JPG.jpg

    wewala-ella-09JPG.jpgwewala-ella-10PG.jpg

    බොහෝ දෙනෙකුමෙම සුන්දර ස්ථාන දුටුවිට පරිසරය ආරක්ෂා කරනවාට වඩා සුන්දරත්වය පවා විනාශ කරන සිද්ධීන් ඕනෑ තරම් දැක ගැනීමට හැකියාව තිබේ. එහෙම නොඉඳුල් දිවයිනේ ප්‍රථම වතාවට හෙළිදරව් වන මෙම අලංකාර ස්ථානය පරිසර පද්ධතිය දියඇල්ල ඉඳුනිල් නොකර පරිසරය පමණක් විදගන්නා ලෙස එම දරුවෝ සැමගෙන් ඉල්ලා සිටියහ.

    Latest News