ඌව සංචාකරයින්ගෙන් පිරේ දිය නෑම ප්‍රවේසමෙන්

අගෝ 15, 2019

    පාසැල් නිවාඩු කාලය උදාවීමත් සමග ඌව පළාතට පැමිණෙන දේශීය සංචාකරයන්ගේ ප්‍රමාණය විශාල ලෙස ඉහළගොස් තිබේ.

    දියඇලි හා ජලාශ හා බදුලුඔයේ ජලමට්ටම ක්ෂණිකව වැඩිවන බැවින් එම ස්ථානවල දියනෑමෙන් වළකින ලෙසත් ගල්පර දිගේ ඉහලට නැගිම අන්තරාදායක බවත් බදුල්ල දිස්ත්‍රික් ආපදාකලමණාකරණ ඒකකය දැනුම් දෙයි. දුන්හිද, දියලුම, රාවණා, දියඇලි ඇතුලු ස්වභාවික පරිසර උරුමයන් දැක බලා විනෝද වීමටත්, දුම්රිය මගේ විස්මිත නිමැවුම් වන ඇල්ල ආරුක්කු පාලම හා දෙමෝදර දුම්රිය මගේ ජටාව නැරඹිමටත්, මුතියංගනය, මහියංගන කතරගම දෙවාලය ඇතුලු ආගමික ස්ථාන වැදපුදා ගැනීමටත් මේ සංචාරයන් උනන්දුවක් දක්වති.

    මේ දිනවල පැමිණෙන දේශීය සංචාකරයන් අතර උතුරු නැගෙන හිර ජනයා ද විශාල වශයෙන් සිටිති. හෝටල් හා සාංචාරක නවාතැන් ස්ථාන වලද ආදායම් ඉහළ ගොස් තිබේ. එම ස්ථාන කල් ඇතිවම වෙන්කර ගැනීමට බොහෝ සංචාකරයන් කටයුතු කර ඇති බවත් අප වාර්තාකරු පවසයි.

    badullatourist1 px 900 19 0

    එසේ නොකර පැමිණෙන සංචාකරයන්ට ලැගුම් ස්ථානයන් සොයාගැනීමේ අපහසුතාවයන්ද පවතී. සංචාරකයන්ගේ පැමිණීම වැඩි වීමත් සමග සංචාරක අකාර්ෂනය ඇති ස්ථානයන්හි පළතුරු, බඩඉරිගු, දේශීය බීම වර්ග හා විසිතුරු භාණ්ඩ අළෙවි කරන කුඩා පරිමාණ වෙළදුන්ගේ ද අත මිට සරුවී තිබේ.

    badullatourist2 px 900 19 0

    badullatourist4 px 900 19 0

     

     

    Latest News