අසරණ දරුවන්ට පිහිටවීමට මට සහය වෙන්න; ලෝක විවාහක රූ රැජින

දෙසැ 10, 2019

    2020 විවාහක ලෝක රූ රැජින කිරුළ පැළඳි කැරොලයින් ජූරි මහත්මිය අද අලුයම දිවයිනට පැමිණියාය.

    ඒ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළින්. අමෙරිකාවේ ලාස්වේගාස් නගරයේ පසුගියදා පැවති ලෝක විවාහක රූ රැජින තරගයට කැරොලයින් ජූරි ඉදිරිපත් වූයේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින්. එහිදී, ලොව නන්දෙසින් ඉදිරිපත් වූ තරඟකාරියන් 80 දෙනෙකු පරදා විවාහක ලෝක රැජිණ කිරුළ දිනාගැනීමට ඇය සමත්වූවාය. කැරොලයින් ජූරි වෘත්තියෙන් පාරිභෝගික සේවා විධායක නිලධාරිනියක් වන අතර, දෙහැවිරිදි දියණියකගේ මවක් වූවාය. ඇය පිළිගැනීමට විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයට පැමිණ සිටියහ.

    අනතුරුව කැරොලයින් ජූරි මහත්මිය කොළඹට රැගෙන එනු ලැබුවේ රථ පෙළපාලියකින්. ඇය පදිංචි ස්ථානය වූ රාගම, මහබාගේ ප්‍රදේශයේදී ජුරි මහත්මිය උණුසුම් අයුරින් පිළිගනු ලැබුවාය. මඟ දෙපස සිටි ජනතාව ඇයට උණුසුම් සුබපැතුම් එක් කළාය.

    අනතුරුව කොළඹට ළඟා වූ 2020 ලෝක විවාහක ලෝක රූ රැජින එහිදී මාධ්‍ය සංකච්ජාවකට ද එක්වූවාය. රූ රැජින කිරුළ හිමිකර ගැනීම දක්වා උපකාර කළ සියළුම දෙනාට ඇය එහිදී සිය කෘතඥතාව පළ කළාය.

    එහිදී අදහස් දැක්වූ කැරොලයින් ජූරි මහත්මිය....

    “මම නිරන්තරයෙන්ම කැපවීමක් දැක්වූවා මානසික ආතතියට හා පීඩාවන්ට ලක්ව සිටින දරුවන්ට උපකාරවීමට. ලෝක විවාහක රූ රැජිණ ලෙස මගේ අරමුණ වන්නේ, ඉදිරියටත් එවැනි දරුවන්ට උපකාර කිරීමයි. දැන් සමාජය මං කියන දේ අසාවි. මම හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ අසරණ දරුවන්ට පිහිටවීම සඳහා මට සහය වෙන්න කියලා“ යැයි ඇය පැවසුවාය.

    Last modified on බදාදා, 11 දෙසැම්බර් 2019 12:15

    Latest News