දෙහිවලට පැමිණි අලුත් ජෝඩුව

දෙසැ 16, 2019

    ඊශ්‍රායලයේ ජෙරුසලෙම 'ටිචි ෆැමිලි' සත්වෝද්‍යානයෙන් සහ නෙදර්ලන්තයෙන් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු අළු කැන්ගරුවන් දෙදෙනෙකු, සුදු මොණරුන් දෙදෙනෙකු සහ සෙබඩුන් දෙදෙනෙකු දෙහිවල සත්වෝද්‍යානයේ දී ඊයේ මහජන ප්‍රදර්ශනයට එක් කෙරිණ.

    ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර පළාතේ ජීවත් වන සුලභ ශීරපායි සත්වයෙකු වන කැන්ගරුවා, පැසක් දරණ සත්ව කාණ්ඩයට අයත් වෙයි. අළු පැහැයට හුරු ලොම් ශරීරය පුරා විසිර ඇති මොවුන් මුළුමනින්ම ශාක භක්ෂක වෙයි. මවගේ උදරයේ රෝමවල එල්ලී පැසතුළට වී සිටින පැටවා, මාස 9කට පසු පැසතුළින් එළියට පැමිණෙයි. මාස 28න් පසුව මෙම කැන්ගරුවා ස්වාධීනව ජීවත්වීමට කටයුතු කරයි. ආයු කාලය වසර 7-10ත් අතර වෙයි.

     සුදු මොණරුන් ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුලු ආසියාතික කලාපීය රවලින් දැක ගත හැකියි.

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 10:19

    Latest News