පොසොන් සතිය අදින් ඇරඹෙයි

ජූනි 17, 2024
    ජාතික පොසොන් සතිය අදින් (17) ආරම්භ වනවා.

    අනුරාධපුරය, මිහින්තලය හා තන්තිරිමලය කේන්ද්‍ර කරගෙන මෙවරත් පොසොන් උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතිනවා.

    පොසොන් පොහොය නිමිති කර ගනිමින් දිවයින නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය ආහාර, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය ඇතුළු සියලු යටිතල පහසුකම් සපුරාලීමට පොසොන් කමිටුව පියවර ගෙන තිබෙනවා.
    හතළිස් පස් වැනි වරට මෙවර පැවැත්වෙන සති පිරිත් පින්කම සඳහා අද සිට විසි පස්වැනිදා (25) දක්වා දින නවයක කාලයක් වෙන් කර තිබෙනවා.
    පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසල් හා මස්කඩ වසා තැබෙනවා.

    Latest News