මිහින්තලේ යන වන්දනාකරුවන්ට ප්‍රවාහනය නොමිලේ

ජූනි 15, 2024
    වසර ගණනාවකට පසු ප්‍රතිසංස්කරණය කෙරුණු අනුරාධපුර - මිහින්තලේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් නොකළ ද මෙවර පොසොන් සමයේ සිට එහි දුම්රිය ධාවනය ලබන 17 (සඳුදා) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා පවසනවා.

    මේ වනවිට එම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු බොහෝදුරට අවසන් කර ඇති බව ඒ මහතා කියා සිටියා.

    පොසොන් දිනවල මිහින්තලය පුදබිමට යන එන වන්දනාකරුවන්ට ගමන් ගාස්තු අය කිරීමකින් තොරව දුම්රියෙන් යාමට අවස්ථාව සැලසීම සඳහා ද පියවර ගෙන ඇති බව ද වාර්තා වනවා.

    Latest News