වසර 44,000 ක් පැරණි වෘක සිරුරක්

ජූලි 01, 2024

    ඊසානදිග රුසියාවේ යකුටියා හි ඇබීස්කි ප්‍රදේශයේ නිත්‍ය තුහින හා පස් තට්ටු යට තැන්පත්ව තිබූ වෘක සිරුරක් සොයා ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් සමත් වී තිබෙනවා.

    එ් අනුව එරට විද්‍යාඥයන් පිරිසක් විසින් මෙම සත්වයාගේ මරණ පරීක්ෂණය පවත්වමින් සිටින අතර යකුටියා විද්‍යා ඇකඩමියේ දැවැන්ත සත්ත්ව විශේෂ පිළිබඳ අධ්‍යයන අංශයේ ප්‍රධානියා පවසන පරිදි මෙම සිරුර වසර 44,000 ක් පැරණියි. ලොව ප්‍රථම ප්ලයිස්ටොසීන විලෝපිකයෙකුගේ සොයා ගැනීම ලෙසද මෙය ඉතිහාස ගත වන බව ඔහු පවසනවා.

    වගුරු බිම්වල සිරවී මිය ගිය විශාල ශාක භක්ෂක සතුන් ප්‍රමාණයක් මෙම ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති නමුත් මාංශ භක්ෂකයෙකු හමු වූ පළමු අවස්ථාව මෙය බවද වාර්තා වනවා.

    මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය ශීත ඍතුවේදී සෙල්සියස් අංශක සෘණ 64 (-83.2°F) දක්වා පහත වැටෙන බව වාර්තා වනවා.

    යකුටියා ප්‍රදේශය වගුරු බිම් සහ වනාන්තර වලින් සමන්විත විශාල ප්‍රදේශයක් වන අතර ප්‍රදේශයේ පස, පර්මාෆ්‍රොස්ට්/නිත්‍ය තුහින (Permafrost) ලෙස හඳුන්වනු ලබනවා. එම පස් තට්ටු අධික ශීත ජලයෙන් හා හිම වලින් වැසී තිබෙනවා. ප්‍රදේශයෙන් 95% මෙම නිත්‍ය තුහින තට්ටු වලින් වැසී පවතිනවා.

    Latest News