දිය කැපීමේ මංගල්‍යය

අගෝ 31, 2023

    මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රධානතම අංගයක් වූ දිය කැපීමේ චාරිත්‍රය, අද අලුයම් කාලයේ දී ඉටු කෙරුණා. ඒ, ගැටඹේ මහවැලි ගංදිය කපනා තොටදී.

    අවසන් මහා රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව පසුදින අලුයම ගැටඹේ මහවැලි ගංතොට දක්වා පැමිණෙන සිව් මහා දේවාල දිය කැපීමේ පෙරහර, පුරාණ චාරිත්‍රානුකූලව එම කාර්ය සිදු කොට නැවතත් දේවාල කරා පැමි‍ණීම සිදු කරනවා. ඉන් පසු දහවල් පෙරහර පවත්වා, පෙරහර මංගල්‍ය සාර්ථකව නිම කළ බවට දියවඩන නිළමේවරයා විසින් ජනාධිපතිතුමා වෙත පෙරහර සන්දේශය බාර දීමෙන් අනතුරුව මහනුවර ඇසළ ‍පෙරහර මංගල්‍ය නිමාවට පත්වනවා.

    Latest News