'ඉන්ටනෙට්' සොයා කඳු නගින මතුගම දරුවන් (වීඩියෝ)

ජූනි 19, 2021
  • කොරෝනා වෛරස ව්‍යාප්තිය හා සංචරණ සීමා හේතුවෙන් මෙරට සිසුන්ට මාර්ග ගතව අධ්‍යාපනය හැදෑරීමට සිදුව තිබේ. එහෙත් ඇතැම් ප්‍රදේශවලට නිසි සන්නිවේදන පහසුකම් නොමැති වීම හේතුවෙන් සිසුන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

    මතුගම අධ්‍යාපන කලාපයේ ඕමන්ත ජනපද විද්‍යාලයේ සහ දික්හේන කණිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන් ද මේ දුෂ්කරතාවට ලක්ව සිටියි. අධ්‍යයන කටයුතු සඳහා ඔවුන්ට අවට කඳුමුදුන්වලට යාමට සිදුවෙලා.

    අධ්‍යයන කටයුතු සඳහා ඔවුන්ට අවට කඳුමුදුන්වලට යාමට සිදුව තිබේ. එම ස්ථානවල තනා ඇති කුඩා මඩු තුළ ඔවුන් අධ්‍යයන කටයුතුවල නිරත වන අතර ඔවුන්ගේ දෙමාපියන් හා බාරකරුවන් ද ආරක්ෂාව වෙනුවෙන් එම ස්ථානවල රැඳී සිටියි.

    රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පසුගියදා එම සිසුන් අධ්‍යයන කටයුතුවල නිරතව සිටින කිරිමැටියාවල,කරවිටකන්ද,දික්හේන පන්සලකන්ද හා දික්හේන බටගොඩවිල යන ග්‍රාමසේවා වසම්වල කඳු මුදුන්වලට ගොස් සිසුන් මුහුණපා ඇති එම දුෂ්කරතා පිළිබඳව සොයා බැලීය.

    සිසුන් මුහුණපා ඇති දුෂ්කරතා පිළිබඳව දැනගත් මොහොතේ සිටම ඊට විසඳුම් ලබාදීම සඳහා අදාළ බලධාරීන් හා ආයතන සමග සාකච්ජා කළ බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. අමාත්‍යවරයා සිසුන් අධ්‍යාපනය ලබන පාසල්වලට ගොස් සිසුන් හා දෙමාපියන් සමග සාකච්ජාවක නිරත විය. මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාල් දිසානායක මහතා හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් අතුළු පිරිසක් මීට එක්ව සිටියේය.

    Last modified on සෙනසුරාදා, 19 ජූනි 2021 13:09

    Latest News