ඇතිලිවැව අපූරු කලාගාරය (වීඩියෝ)

ජූනි 28, 2021
  • වැල්ලවාය, ඇතිලිවැව ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක පවත්වාගෙන යන අපූරු කලාගාරයක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා.

    එහි විශේෂත්වය වන්නේ, වනාන්තරයේ ඇති කුඩා අතු කැබලි පමණක් යොදා ගනිමින් විවිධ කලා නිර්මාණයන් සිදුකර තිබීමයි.

    ඇතිලිවැව ගොමදියවල ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක පිහිටි මෙම කුඩා කලාගාරයේ හිමිකරුවන් වන්නේ ඩබ්ලිව්. එම්. ජයසිංහ මහතායි.

    කටුමැයි බිත්ති සහිත තම නිවසේ කලාගාරය පවත්වාගෙන යන ඔහු සිය නිර්මාණ සඳහා පිහියක් පමණක් භාවිතයට ගැනීම විශේෂත්වයක්.

    මෙය වන අලින් නිරන්තරයෙන් ගැවසෙන ප්‍රදේශයක්. ජයසිංහ මහතාගේ නිවසට විදුලි පහසුකම් ද නැහැ. බීමට අවශ්‍ය ජලය ලබාගැනීමට ද ඔහුට විශාල දුරක් ගමන් කළ යුතුයි.

    ගොවිතැන ජිවනෝපාය කරගත් ජයසිංහ මහතා විවේකයක් ලැබෙන සෑම අවස්ථාවකදීම මෙවැනි නිර්මාණ සිදු කරනවා. ඔහු තම නිර්මාණ විවිධ රෝගාබාධ සහිත පුද්ගලයන්ට, ආගමික ස්ථාන ආශ්‍රිත පිංකම්වලට සහ පාසල් දරුවන්ගේ ප්‍රදර්ශන වැනි අවස්ථාවලට ලබාදෙන්නේ ද කිසිදු මුදලක් අය නොකරයි.

    දැනට කටු මැටි බිත්ති සහිත නිවසේ පවත්වාගෙන යන මෙම කලාගාරය මීට පෙර නිර්මාණ රැසක් සමඟ ගිනිගෙන විනාශයට පත්ව තිබෙනවා. අනතුරුව ඉදි කෙරුණු මෙම කලාගාරය ද පවතින්නේ අනාරක්‍ෂිතව බැවින් තම නිර්මාණ ඉදිරි පරම්පරාව වෙනුවෙන් ආරක්‍ෂා කරදීම සඳහා කලාගාරයක් සකස් කරදෙන ලෙස ඔහු පරිත්‍යාගශිලිගෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා.

    Latest News