රුසියාව ජාත්‍යන්තර දත්ත පද්ධතියෙන් ඉවතට

පෙබ 12, 2019

    රුසියාව, ගෝලීය අන්තර්ජාලයෙන් විසන්ධිවීමට සළකා බලමින් සිටින බව වාර්තාවේ.

    සයිබර් ආරක්ෂණ ක්‍රියා මාර්ගයක් ලෙස මෙම පියවර ගැනෙනු ඇත. රුසියානු ග්‍රාහකයින් අන්තර්ජාලයේ සැරිසරමින් ලබා ගන්නා දත්ත ගෝලීය දත්ත ගබඩාවට ප්‍රේරණය නොකර, රුසියාවේ දත්ත ගබඩාවල පවත්වා ගැනීම මෙහි අරමුණ වේ.

    රුසියානු පාර්ලිමේන්තුවට පසුගිය වසරේදී පනතක් ද ඉදිරිපත් කර ඇත. අප්‍රේල් පළමු වැනිදාට පෙර මෙය ක්‍රියාවට නැංවීමට සැලසුම වුවද නිශ්චිත දිනය ප්‍රකාශයට පත් කර නොමැත.

    Last modified on අඟහරුවාදා, 12 පෙබරවාරි 2019 17:00

    Latest News