ශ්‍රී ලංකා වෙළද හා ආර්ථික සහයෝගතා සංගමය ස්ථාපිත කෙරේ

ජූනි 16, 2021

    ශ්‍රී ලංකා වෙළද හා ආර්ථික සහයෝගතා සංගමය ස්ථාපිත කෙරේ. 

    චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංගමය බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ස්ථාපිත කෙරිණ. 

    දෙරට අතර ආර්ථික හා වෙළද සබදතා තවදුරටත් පුළුල් කිරීම අරමුණයි.

    මෙම සංගමය හරහාඅනාගතයේ දී වඩාත් වැඩි ශ්‍රී ලංකා නිශ්පාදන චීන වෙළදපොලට හදුන්වාදීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂාකරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පැවසීය.

    එහිදී අදහස් දැක්වූ චීනයේ ශ්‍රී ලංකාතානාපති කාර්යාලයේ වාණිජ අමාත්‍ය ඇලෙක්සි ගුණසේකර මහතා සදහන් කළේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළවෙල යටතේ ශ්‍රී ලංකාවට වැඩි ආර්ථික හා වෙළද අවස්ථා ග්‍රහනය කර ගැනීමට මෙම සංගමය මගින් අවස්ථාව සැලසෙනු ඇති බවයි. 

     

     

    වාර්තාව - රූපවාහිනී වාර්තාකරු මෝතිලාල් හිස්ඇල්ල 

    චීනයේ බෙයිජිං නුවර සිට

    Last modified on බදාදා, 16 ජූනි 2021 16:15

    Latest News