කෑගල්ල කසල අංගනයේ ගින්නක්

ජන 09, 2020

    කෑගල්ල නගර සභා කසල බැහැර කරන අංගනයේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

    ගින්න හටගැනුණේ ඊයේ රාත්‍රී 8.30ට පමණ. ගින්න සම්බන්ධයෙන් තොරතුරු ලද වහා ක්‍රියාත්මක වූ පොලීසිය මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ රථ කැඳවා ගින්න මැඩපවත්වා තිබේ. ගින්නෙන් කිසිඳු ජීවිත හානි හෝ දේපල හානි සිදුව නොමැති බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ. කෑගල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News