වැල්ලවාය - බුත්තල ප්‍රධාන මාර්ගයේ බුත්තල නගරය ආසන්නයේ දී ඊයේ (28) සිදු වූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

රත්නපුර - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දිවුරුම්පිටිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලංගම බස් රථයක් සහ ඇඟළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඇඟලුම් කර්මාන්තශාලා සේවිකාවන් දස දෙනෙක් තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

වැල්ලවාය, මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල - යුදගනාව පන්සල් හංදිය ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ දී අපරික්ෂාකාරි ලෙස ධාවනය කල ට්‍රැක්ටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ තිරෝද රථ දෙකක, යතුරු පැදියක සහ ගිලන් රථයකගැටී අනතුරක් සිදු වී තිබේ.

වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් ඊයේ (6) කුඩා දරුවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් තුවාල ලබා තිබේ.

පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සාලියවැව දී සිදුවූ බස් රථ අනතුරකින් 05 දෙනෙක් තුවා ලබා නොච්චියාගම රෝහලට ඇතුලත් කල බව සාලියවැව පොලීසිය පවසයි.

මහරගම,නාවින්න මංසන්ධියේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නුගේගොඩ ගුවන් පාලම මත දී යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් හමුදා සෙබලෙකු මියගොස් තිබේ. බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනෙක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරිණ.

වේයන්ගොඩ - කුඹල්ඔළුව ප්‍රදේශයේ දී සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ වරුණගම යුදහමුදා කදවුර ආසන්නයේ දී සිදු වූ රිය අනතුරකින් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත.

Latest News