ලංගම ආපදා රථයකට යට වි දෙදරු පියෙකු ජිවිතක්ෂයට

සැප් 20, 2021

    නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් ආපදා රථයකට යට වී දෙදරු පියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

    මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය පැණිතුඩුව ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි දෙදරු පියෙකි.

    ආපදා රථය නාවලපිටිය ලංගම ඩිපෝවේ සිට ගිනිගත්හේන දක්වා ධාවනය වූ අවස්තාවේ මේ අනතුර සිදුව තිබේ. ඊයේ (19) දින පස්වරු 5 ට පමණ එම මාර්ගයේ නාවලපිටිය අනුරුද්ධ ප්‍රාථමික විද්‍යලය අසල දී මෙම පුද්ගලයා ආපදා රථයේ ගැටි ඇති අතර, අනතුර පොලිසියට වාර්තා නොකර ආපදා රථයේ රියදුරු පලා යමින් සිටිය දී නාවලපිටිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් ලුහුබැද ගොස් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු අත්අඩංගුවට ගත් අවස්තාවේ ඔහු බිමත්ව සිටි බවත්, තුවාලකරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.
    අත්අඩංගුවට ගත් සැකකාර රියදුරා නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

    Latest News