පාලින්දනුවර දී ගංවතුර ට හසුවී ලොරියක් පෙරළෙයි

නොවැ 01, 2021

    කෙලින්කන්ද මෝල්කාව ප්‍රධාන මාර්ගයේ මහ පාලම අසල දී තේ දලු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ඊයේ (31) රාත්‍රී ඇළට පෙරළෙයි.



    මාර්ගය හරහා ගලා ගිය ජල පහරට හසුවීම නිසා මෙසේ ඇළට පෙරළී ඇතැයි බදුරලිය පොලිසිය පවසයි

    අනතුරින් ලොරි රථයේ ගමන් ගත් කිසිවෙකුට ජීවිත හානි සිදුවී නැති අතර ලොරි රථයේ රියදුරු යන්තමින් දිවි බේරාගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

    එමෙන්ම පැවති අධික වර්ෂාව හේතුවෙන් බදුරලිය කලවාන මාර්ගය ද ගං වතුරෙන් යටවීම නිසා වාහන ගමනාගමනයට බාධා සිදු වී ඇත.

    Latest News