දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ සිමෙන්ති දුහුවිලි වලාවක්

ඔක් 15, 2021

    දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී අද (15) උදෑසන සිමෙන්ති වහනය කරමින් තිබූ තට්ටු ලොරි රථයක් සහ ජීප් රථයක් ගැටීමෙන් සිමෙන්ති ලොරි රථය මාර්ග ප්‍රධාන මාර්ගය හරහා පෙරලී ගොස් ප්‍රදේශය පුරා සිමෙන්ති දුමාරයක් පැවති බව සීගිරිය පොලීිසිය කියයි.

    අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර ප්‍රධාන මාර්ගයේ පැය ගණනාවක් දැඩි වාහන තදබදයක් ඇති වූ අතර දැඩි සිමින්ති දුහුවිල්ල නිසා මාර්ගයේ ගමන් කරන ජනතාව දැඩි අසීරු අසීරුතාවයකට පත්වූ වුහ.

    මෙසේ අනතුරට පත්ව ඇත්තේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ තට්ටු ලොරි රථයක් සහ දඹුල්ල දෙසින් හබරණ දෙසට ධාවනය කරමින් තිබූ ජීප් රථයක් බව සීගිරිය පොලිසිය කියයි.

    ලොරි රථයේ රියැදුරු කියා සිටියේ තමන් දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබියදී ප්‍රධාන මාර්ගයේ ඉදිරිපසින් පැමිණි ජීප් රථයට ඉඩ ලබාදීම සඳහා උත්සාහ කරද්දී එක වැරම තම රථය පාලන යෙන් ගිලිහී ගොස් පෙරළී ගිය බවය. තමන්ට හෝ රිය සහායකයාට තුවාලයක් සිදු නොවූ බවද හෙතෙම සඳහන් කළේය.

    දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගය දිගම්පතහ ප්‍රදේශීයේ තනිකරම මාර්ගය ඉදිරියේ හෝ පිටුපස නොපෙනෙන ආකාරයට සිමෙන්ති දුහුවිල්ල ගැවසෙන අයුරු එහි ගිය අප වාර්තාකරුට දැක ගැනීමට හැකි ව තිබේ.

    මෙම රථයේ සිමෙන්ති මිටි හයසියයක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ බවත් එම සිමෙන්ති සියල්ල බිම පතිත වී සිමෙන්ති කොට්ට ඉරී විසිරී මාර්ගය පුරා දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

    වාහාහන ගමනා ගමනයත් සමග එහි අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම සුළඟත් සමග සිමෙන්ති දූවිල්ල ඇති වූ බව ජනතාව කියයි .

    අනතුරු සම්බන්ධයෙන්යෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

    Latest News