අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

ඔක් 11, 2021

    අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී, එක් අයෙකුට බරපතල තුවාල සිදුව තිබේ.

    හැටන් සිට නොර්වුඩ් වෙන්චර් වතු යාය දක්වා අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක ප්‍රපාතයෙන් වු දික්ඔය ඔයට පෙරලිමෙන් එම කැබ් රථයේ ගමන් ගත් තරුණයෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය. (10) දින පස්වරු 6.30 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් අලුත්ගම ප්‍රදේශයේදිය. අධික වේගයෙන් ධාවනය වි ඇති කැබ් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු බස් රථයකට පසුපසින් පැමිණි යතුරුපැදියක් බස් රථය ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි සිදුවිමට ගිය අනතුරක් වලක්වා ගැනිමට උත්සහ කිරිමේදි කැබ් රථය ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන දික්ඔය ඔයට පෙරලි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ. අනතුරෙන් කැබ් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

    Latest News