සෙවනගල රිය අනතුරකින් මව මරුට, පුතාට බරපතළයි

අගෝ 18, 2021

    තණමල්විල, ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ සෙවනගල පොලිස් බල ප්‍රදේශයට අයත් කිරිඉබ්බන් වැව ආයුර්වේද රෝහල අසලදී ඊයේ (17) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා තිබේ.

    ඇඹිලිපිටිය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ කැබ් රථයක් එම මංතීරුවේම ආපදා කටයුත්තක් හේතුවෙන් නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

    මෙම අනතුරින් කැබ් රථයේ ගමන් ගත් වයස අවුරුදු 56ක කාන්තාවක් මියගොස් ඇති අතර කැබ් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා තිබේ.

    මියගිය කාන්තාව කැබ් රථයපැදවූ රියදුරුගේ මව වන අතර ඔවුන් හම්බෙගමුව, අරඹෙකෙම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බව පොලිසිය පවසයි.

    අනතුරින් තුවාල ලබා සිටි රියදුරු සෙවනගල රෝහලට ඇතුළුත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය විසින් විමර්ශන සිදු කරයි.

    Latest News