ත්‍රීරෝද රථයක් ඇළකට පෙරළී අයෙකු ජිවිතක්ෂයට

නොවැ 25, 2021

    අධික වේගයෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඩා ඇළ මාර්ගයකට පෙරලිමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් මගියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.



    මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් දික්ඔය මාණික්යේ වත්තේ පදිංචි 63 හැවිරිදි තිදරු පියෙකි.
    ඔහු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට රැගෙන යන අවස්තාවේ ජිවිතක්ෂයට පත් වි ඇති බව පොලිසිය පැවසිය.

    හැටන් සිට පදිංචි වතුයාය දක්වා ත්‍රීරෝද රථය ධාවනය කරවන අවස්තාවේ ඊයේ(24) දින පස්වරු 6.45 ට පමණ ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන ඇළ මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

    ත්‍රීරෝද රථය අනතුරට පත්වන අවස්තාවේ රියදුරා සමග මගින් තිදෙනෙකු ගමන් කර ඇති අතර , අනතුරෙන් රියදුරා ඇතුළු මගින් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

    ත්‍රීරෝද රථයේ රියදුරාගේ නොසැලිකිලිමත් රිය ධාවනය අනතුරට හේතුව වි ඇති බවත්, ඔහුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පැවසිය.

    Latest News