වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අද අලුයම 4.30ට පමණ මාරවිල, මහවැව හන්දිය අසළ දී අනතුරට ලක්වීමෙන් සිව් දෙනෙකු මියගොස් තිබේ.

බේස්ලයින් පාරේ වෙස්ලි විද්‍යාලය අසල කන්ටේනර් රථයක් පෙරලීමෙන් රිය අනතුරක් සිදුවී ඇත. ඒ නිසා බේස්ලයින් පාරේ බොරැල්ල සිට ඔරුගොඩවත්ත දෙසට දැඩි මාර්ග තදබදයක් පවතින බව වාර්තාවේ.

හලාවත, කොළඹ මාර්ගයේ මාදම්පේ පැරණි නගරයේ දී අද අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඇල්පිටිය - අම්බලන්ගොඩ මාර්ගයේ  කරන්දෙණිය, මහාගොඩ ප්‍රදේශයේ දී යතුරු පැදි 2 ක්, ත්‍රිරෝද රථයක්  එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ලබා තිබේ.

බණ්ඩාරවෙල-හපුතලේ ප්‍රධාන මාර්ගයේ කොලතැන්න රේල් ගේට්ටුව අසල දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය මාර්ගයට පෙරළී තිබේ.

අහංගම, ගාල්ල - මාතර මාර්ගයේ හාතපැලෑන ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් මිය යති.

ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්කිස්ස සහ රත්මලානේ දී එකම මෝටර් රථයක් ඊයේ මධ්‍යම රාත්‍රී සිදු කළ රිය අනතුරු දෙකකින් තිදෙනෙකු මියගොස්, 08 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් සහ වීදේශීය ළූණු ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් ගලේවෙල කනාදන දී අද (08) උදෑසන 7.15 ට පමණ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

මහනුවර-අකුරණ නගරයේ ප්‍රධාන වංගුව අසල දී අද උදේ සුපිරි ජීප් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙකු මියයයි.

2017 වසරේ දී පමණ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 3,152දෙනෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

Latest News