පුල්මුඩේ යතුරුපැදි අනතුරකින් 2ක් මරුට

ජූනි 24, 2019

     ත්‍රිකුණාමලය - පුල්මුඩේ මාර්ගයේ පොඩවාකට්ටු පාලම ආසන්නයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් එහි ගමන් ගත් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඔවුන් සෙන්දූර් මදුරන්කුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන්. ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ යතුරු පැදිය, පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන, කොංක්‍රීට් කණුවක ගැටී තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු සහ පසු පැදිකරු කුච්චවේලි රෝහලට ඇතුළත් කෙරුණි. ඉන් අනතුරුව ඔවුන් මියගොස් තිබේ. මියගිය දෙදෙනා අවුරුදු 18 හා 28 යන වයස්වල පසුවන්නන්. 

    Last modified on සදුදා, 24 ජූනි 2019 10:43

    Latest News