රූමස්සල ගිලීගිය ජීවිත සොයා මෙහෙයුම්

ජූනි 17, 2019

    උණවටුන,රූමස්සල ප්‍රදේශයේ අනාරක්ෂිත ගල්තලාවක ඡායාරූප ගැනීමට උත්සහ කිරීමේ දී රළ පහරට හසුව අතුරුදන්වූ පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    ඊයේ දහවල් සිදුවූ අනතුරින් එක් අයෙකු මියගොස් දෙදෙනෙකු දිවි බේරාගැනිණ. අනතුරින් මියගොස් ඇත්තේ, දෙහිවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණියක්. ඇගේ සිරුර සොයාගෙන ඇත් අතර, අතුරුදන්වී ඇත්තේ ගාල්ල රූමස්සල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

    ඔහු යුද හමුදා ඉංජිනේරු සේවා බලකායේ සේවයේ නියුතු අයෙක් බවයි, අප වාර්තාකරු පවසන්නේ. නාවික හමුදා කිමිඳුම්කරුව්න හා ප්‍රදේශවාසීන් එක්ව මේ වන විටත් ඔහු සොයා මෙහෙයුම් සිදු කරයි. විනෝද චාරිකාවක් සඳහා මහරගම ප්‍රදේශයේ සිට රූමස්සලට පැමිණ දෙදෙනෙකු හා උණවටුන රූමස්සල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව තිබේ.

    1 1

    2 1

     

    Last modified on සදුදා, 17 ජූනි 2019 11:43

    Latest News