මෙම ඇතින්න අනතුරට ලක්ව ඇත්තේ රාත්රි 11.00 පමණ. ඇතින්නගේ දකුණු ඉදිරි පාදයේ දණහිස ආසන්නයේ තුවාල වී නැගිට ගන්නට නොහැකි තත්වයක් ඇති වී තිබේ.
මෙම ඇතින්න වයස අවුරුදු 10 – 12 අතර පසුවන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. ඇතින්න මාර්ගය හරහා මාරුවන විට විශාල ලොරි රථයක ගැටෙන්නට ඇති බවයි, වන ජීවි නිළධාරින් සැක පහළ කරන්නේ. මීට පෙර ද අවස්ථා දෙකක දී මෙම් ස්ථානයේ වනඅලින් අනතුරට ලක්වූ බවයි වනජීවී නිලධාරීන් කියා සිටින්නේ.