වැලිකන්ද රිය අනතුරකින් 5ක් මරුට (වීඩියෝ)

ජූනි 19, 2019

    වැලිකන්ද,කොලකනවාඩිය මාර්ගයේ අත්ට්‍රැක්ටරයක් හා වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙක් ගොස් තිබේ.

    තවත් 12 දෙනෙක් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරිණ. ට්‍රැක්ටරය මනම්පිටිය දෙස සිට වැලිකන්ද දෙසට ගමන් කරමින් සිටියදී පිටුපසින් එම දිශාවටම ගමන්කළ වෑන් රථයක් ට්‍රැක්ටරය ඉස්සර කිරීමට යාමේ දී අනතුර සිදුව තිබේ.

    මියගොස් ඇත්තේ එදිරිසිංහ ආරච්චිලාගේ පුෂ්පකුමාර(32),බී.එම්.අනෝමා කුමාරි(38),ආර්.ජී.ඒ.සංජීවනී(30),ඩබ්ලිව්.ඒ.සේපාලිකා,ආර්.ජී.ඒ.සකුන්තලා(22) යන අයයි. ඔවුන් බෝවත්ත හා මැදිරිගිරය ප්‍රදේශයේ පදිංචිකරුවන්. වැලිකන්ද පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

     

    Last modified on බදාදා, 19 ජූනි 2019 20:30

    Latest News