ඒ-9 මාර්ගයේ තිදෙනෙකුට මරු කැදවමින් අනතුරක්;ගම්වාසීන් පාරට

ජූනි 08, 2019

    කැකිරාව - දඹුල්ල ඒ9 මාර්ගයේ තිබ්බටුවැව ප්‍රදේශයෙ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් සිසුන් තිදෙනෙකු මිය යාමත් සමග එම මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

    දඹුල්ල සිට අනුරාධපුරය දක්වා ලී කඳන් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් මාර්ගය අසළ සිටි ළමුන් සිව් දෙනෙකු යටකරගෙන ගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ. අනතුරින් තුවාල ලැබු අනෙක් සිසුවා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

    අනතුරින් පසු ලොරි රථය කැකිරාව - රණජයපුර ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිණ.

    kekirawa 08jpg

    kekirawa 04

    kekirawa 05

    kekirawa 07

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 10:38

    Latest News