මාරයා ළග නැවතුන කොස්ගොඩ අනතුර (වීඩියෝ)

ජූලි 13, 2019

    කොළඹ සිට මාතර දක්වා ගමන් කළ පෞද්ගලික බස්රථයක් කොස්ගොඩ,දූවෙමෝදර ප්‍රදේශයේ දී අනතුරට ලක්විය.

    ඒ අධික වේගය පාලනය කර ගත නොහැකිවීමෙන්. අනතුර සිදුවුණේ, අද උදේ 8.30ට පමණ. අධික වේගයෙන් පැමිණි බස් රථය, වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන, දුම්රිය මාර්ගය හරහා නැවතී තිබේ. එ සමගම, දුම්රියක් පැමිණෙන බවට, සංඥා නිකුත් විය. එවිට බසයේ සිටි මගීන් බැස දුම්රිය පැමිණෙණ දෙසට ගමන් කොට, කොළඹ සිට බෙලිඅත්ත දක්වා පැමිණි ශීඝ්‍රගාමී දුම්රිය නවත්වාගෙන තිබේ. එම නිසා සිදුවීමට ගිය විශාල අනතුරක් මග හැරිණ.

    දුම්රිය, බස් රථයේ ගැටුණේ නම්, මගීන් විශාල පිරිසකගේ ජීවිත අහිමිවන බවයි, පොලීසිය පවසන්නේ. අනතුර නිසා කොළඹ මාතර ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය පැයක කාලයක් අවහිරවී තිබිණ. පසුව, පොලීසිය පැමිණ බස් රථය දුම්රිය මාර්ගයෙන් ඉවතට ගැනීමට ක්‍රියා කළේය. අනතුර සිදුවන විට බස් රථයේ මගීන් 45 දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

    Last modified on සෙනසුරාදා, 13 ජූලි 2019 21:19

    Latest News