දෙදෙනෙක්ට මරු කැඳවමින් පනාගොඩ රිය අනතුරක්

ජූනි 20, 2019

    හංවැල්ල,පනාගොඩ,දිගලවත්ත ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් හා ගැහැණු දරුවෙක් මියගොස් තිබේ.

    පනාගොඩ සිට ඇඹුල්ගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටී අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුළු 8 දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් හෝමාගම රෝහලට ඇතුළත් කෙරිණ.

    ඉන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට පිටත්කර හැරිණ. මියගොස් ඇත්තේ 37 හැවිරිදි නාලිකා නිල්මිණී හා 7 හැවිරිදි හිරුණි ආශානා යන අයයි. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

    Latest News